SCHOOL SONG

 download  school song

-පාසල් ගීතය-

වන්දිත පූජිත අප මාතා

රාහුල මහ විදුහල් මාතා

වන්දිත පූජිත අප මාතා

බැබලේවා සැරදේවා

ජය දද බන්දා කිතුගොස රන්දා

වන්දිත පූජිත අප මාතා

රාහුල මහ විදුහල් මාතා

වන්දිත පූජිත අප මාතා

සිසු කැළ යහමග ගන්වන්නට ඔබ

කැප වී ඇත සරසවිය වරම් ලැබ

මාතාවෙනි ඔබෙ ගුණ කඳ සිහි කොට

වඳිනෙමු පුදනෙමු බැති ගී ගයනෙමු

බැබලේවා සැරදේවා

ජය දද බන්දා කිතුගොස රන්දා

වන්දිත පූජිත අප මාතා…

විදුමිණි රුවණින් හෙබි ආලෝකය

විහිදෙන නිරතුරු මුළු පෙදෙසේ

ගුණ නැණ තෙද බල වීර විකුම් පා

සැරදේ අප මහ විදුහල් මාතා

ජය දද බන්දා කිතුගොස රන්දා

 

වන්දිත පූජිත අප මාතා

රාහුල මහ විදුහල් මාතා

බැබලේවා සැරදේවා…සැරදේවා..

Last updated: November 23, 2017 at 16:34 pm