History

පාසලේ ඉතිහාසයෙන් බිඳක්…..

අප පාසල ආරම්භ කර ඇත්තේ වර්ෂ 1891 දී ය.පිරිමි ළමුන් 30 දෙනෙකුගෙන් අරම්භ කළ මෙම පාසල මුලින්ම පවත්වාගෙන ගොස් ඇත්තේ පොල් අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක ය. පාසලේ අාරම්භක විදුහල්පති තුමා වූයේ ඩබ්.ජේමිස් මැතිතුමා ය.එදා සිට අද දක්වා විදුහල්පති වරුන් 31 දෙනෙකුගේ නායකත්වයෙන් ආචාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ ක්‍රියාකාරීත්වය හා කැපවීමත් දෙමාපියන් හා ආදි සිසුන්ගේ සහයෝගයත් හේතුවෙන් පාසල විශාල සංවර්ධනයක් කරා ගමන් කරමින් ඇත. අද වන විට අප පාසල ශ්‍රී ලංකාවේ ජාතික පාසල් අතුරින් දර්ශනීය පරිසරයක් සහිත පාසලක් බවටත් ප්‍රදේශයේ කීර්තිමත් හා ජනාදරයට පත් වූ පාසලක් බවටත් පරිවර්තනය වී ඇත.

 

පාසලේ ඉතිහාසයේ සුවිශේෂී මං සලකුණු

  • 1962 වර්ෂයේදී ඩී.එම්.බස්නායක විදුහල්පති තුමාගේ සේවා කාලය තුළ මහා විද්‍යාලයක් බවට පත්වීම

  • 1965 සිට 1984 දක්වා විදුහල්පති ධූරය හෙබ වූ කේ.ජී.කුලරත්න මහතාගේ සේවා කාලය පාසලේ ස්වර්ණමය යුගය වීම.

  • වී.පී .ආරියපාල විදුහල්පතිතුමාගේ සේවා කාලය තුළ 1998.02.13 දින මෙම විද්‍යාලය ජාතික පාසලක් බවට පත්වීම.

  • ඩබ්.ඒ.පී. වික්‍රමාරච්චි විදුහල්පති තුමාගේ සේවා කාලය තුළ ඉංග්‍රීසි මාධ්‍යෙයන් අධ්‍යාපනය ලබාදීම ආරම්භ කිරීම.

  • 2008.02.12 දින සිට 2012.09.12 දක්වා කාලය තුළ එන්.ජී.විද්‍යාරත්න විදුහල්පති තුමා මාව හා භෞතික සම්පත් ඵලදායී ලෙස යොදවමින් එම සම්පත් වැඩිදියුණු කිරීමටත් සමස්ත ගුණාත්මක සංවර්ධනය උදෙසා දායකත්වය ලබාදීම.

  • මීළඟ විදුහල්පතිතුමා වූයේ ඒ.කේ. විද්‍යරත්න මැතිතුමා ය.මෙතුමාගේ සේවා කාලය තුළ ද තාක්ෂණ විද්‍යාගාරය වැනි සම්පත් පාසලට ලැබිණි.

  • වර්තමාන විදුහල්පති තුමිය ඩබ්.එම්. ඉන්ද්‍රානි විජේලතා මැතිනිය යි.

  • වර්තමානයේ ගුණාත්මක සංවර්ධනය පෙරටු කර ගත් පාසල් 200 , සුපිරි පාසල් ගණයට  අප පාසල තෝරා ගැනීම ද අප ලද භාග්‍යය කි.

Last updated: November 23, 2017 at 16:31 pm